රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09දා) පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය සුළුවට හෝ සරලව නොතකන මෙන් නැවතත් රජයට සහ සෞඛ්‍ය අංශවලට දන්වා සිටින බව අවධාරණය කළ හෙතෙම, මෙය කොරෝනා පළමු රැල්ල මෙන් සරල අවස්ථාවක් නොවන බවත් ඉතා භයානක රැල්ලක් බවත් තවදුරටත් සඳහන් කරනවා.

ඉදිරි දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් වැඩිවීමේ ප‍්‍රවණතාවක් පවතින බව සඳහන් කළ වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා එහිදී මතු විය හැකි අපහසු තත්ත්වයට මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
14
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...

ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය...

ජවිපෙත් කුඹුරට බහී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොළෙන් නොව ඇගෙන් වැඩ කරන ඇමැතිවරයකු බව ජවිපෙ පාර්ලිමේන්තු...

දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දිමක්!

කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට...

කුඩු හිඟයට ඉන්දියාවෙන් බඩු ගෙන්වයි

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් කුඩු රැගෙන ඒමට බාධා පැමිණීමත් සමග ඇතිවූ කුඩු හිඟයට පිළියමක් ලෙස...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x