31 C
Colombo
Saturday, April 10, 2021

රට ගිය ලාංකිකයෝ විදේශිකයන්ගේ ගිණුම්වලින් කරන ජාවාරම

41 හැවිරිදි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට කෝටියකට අධික මුදලක් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් අදාළ පුද්ගලයා ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. විදේශ රටක සිට එක් කෝටි තිස් හතර ලක්ෂ විසිතුන් දහස් එකසිය අනුහතක (1,34,23197) මුදලක් මොහුගේ ගිණුමට ලැබී ඇති බවත් විදේශ රටක සිටින පුද්ගලයෙකුගෙන් මෙම ගිණුමට මුදල් ලැබී ඇති බවටත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයින්, එරට පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිස විද්‍යුත් මාධ්‍යයෙන් මෙරටට මුදල් එවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවන් පැමිණිලි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර රුපියල් කෝටි 14කට අධික මුදලක් 2020 අවුරුද්දේ අප්‍රේල් සිට මේ දක්වා මෙරටට මුදල් එවා ඇති බවද ඒ මහතා සඳහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ...

හිමිනමකගෙන් ලක්ෂ 25ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ

ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25ක කප්පම්...

මිලියන 500 කගේ දත්ත සොරාගත් බවට සයිබර් ප්‍රහාරක

ෆේස්බුක් පරිශීලකයන් මිලියන 500 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින්...

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න...

පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තවලම - ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x