30 C
Colombo
Friday, September 17, 2021

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා බවත් ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බව ඉන් කියැවෙන බවත් ය.

”දැනටත් 2,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට ඒකෙන් අපි කියනවා, සමාජයේ රෝගීන් 6,000කට වඩාවත් ඉන්නවා කියන එක”

ඩෙල්ඩා ප්‍රභේදය මේ වනවිට රට පුරාම පැතිරී යාම වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී රට අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, පවතින කොවිඩ් රැල්ල යම් බැස්මකට නතුව ඇති අවස්ථාවක වඩා වැදගත් වන්නේ, යළි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා පියවර ගැනීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
7
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විවාහක රූ රැජිණ පුෂ්පිකා ලොහාන් සමඟ එල්ලුම් ගස නැරඹීමට ගියාද ? ඇය කතා කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙම අවුරුද්දේ පැවැත් වු අතර එහිදී මහත් මහත් ආන්දෝලනාත්මක...

අද වාර්තා වු කොරෝනා මරණ ගණන

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද එකොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා. ඒ තවත් මරණ 157ක් වාර්තා...

ඉදිරියේදී ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් ඇතිවිමේ අවධානමක්

ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක්...

මේසය මත හිස තබාගත් උප පොලිස් පරීක්ෂක මියයයි

බෙන්තොට පොලිස් ස්ථානයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂක නිලධාරියෙකු12දින රාත්‍රි මුර සංචාර රාජකාරියක නිරත...

පාසැල් ආරම්භ කිරිම සම්බන්ධව අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු ග්‍රාමීය පාසල් මුලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. කොවිඩ්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x