26.3 C
Colombo
Wednesday, September 29, 2021

රට පුරා ලොක් ඩවුන් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

රට ලොක්ඩවුන් කරපු විදිහ වසංගත විද්‍යාවට පටහැනිලු රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති කාලසීමාවෙන් නිසි ප්‍රතිඵල ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රට අගුළු දැමුව ද ජනතාව තම තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වල නිරත වන බවයි.

එමගින් රට තුළ ලොක්ඩවුන් රැල්ලක් ද ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා, අපි මේ ලොක්ඩවුන් එක නම් කරන්නේ සප්‍රයිස් ලොක්ඩවුන් එකක් හැටියට.

මේ සප්‍රයිස් ලොක්ඩවුන් ලබාදීමේ ක්‍රමයම වසංගත විද්‍යාවට විරුද්ධයි.

තරු තෝරන තරගයක් විදිහට කුතුහලය උපරිම මට්ටමට ගෙන එකපාරටම කියනවා ඔන්න දැන් ලොක්ඩවුන් කියලා.

එතකොට මහජනතාව මොකද කරන්නේ මේ ලොක්ඩවුන් කාලයේ ජීවිකාව රැකගන්න හිස්ලූ ලූ අත දුවනවා.

මේකේ ප්‍රතිඵලයක් විදිහට රෝගය පාලනය කරනවාට වඩා ලොක්ඩවුන් රැල්ලක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්.

මේ අතර රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
11.svg?v=2.6
අවුල් වගේ !
10
22.svg?v=2.6
හරි හිනා !
12
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
26
27.svg?v=2.6
මලපනිනව !
23
30.svg?v=2.6
කුජීතයි !
14
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාසල් ආරම්භ වන දිනය සම්බන්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉඟියක්

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ...

කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව...

මංගල උත්සව ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

අය වැයෙන් මන්ත්‍රී ප්‍රතිපාදන ලක්ෂ 100ක් දක්වා වැඩි කෙරේ

මෙවර අය වැයෙන් සෑම ග්‍රාම නිළධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ 40ක් බැගින් ලබා දීමට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x