26.3 C
Colombo
Wednesday, September 29, 2021

රට ලොක්ඩවුන් කරන්න අපි සූදානම්! ඇමැති චන්නගෙන් ප්‍රකාශයක්!

රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න. සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
11.svg?v=2.6
අවුල් වගේ !
9
22.svg?v=2.6
හරි හිනා !
67
3.svg?v=2.6
හම්මෝ !
7
31.svg?v=2.6
මාර දුකයි !
20
27.svg?v=2.6
මලපනිනව !
25
30.svg?v=2.6
කුජීතයි !
29
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී...

අපොස සාමාන්‍ය පෙළ ලියූ බන්ධනාගාර රැඳවියන්

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම...

රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා. ඒ...

මුස්ලිම් සිසුවියට බුද්ධාගම – සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ...

පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න

පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x