26.4 C
Colombo
Saturday, September 18, 2021

රට වසා දැමීමට නො හැකි බව ජනපති පවසයි

රට වසා දැමීමට නො හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රට තුළ ක්‍රියාත්මක කරන සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඊයේ (17) රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රට අගුළු දැමුවහොත්, රටේ ආර්ථිකය බිඳ වැටෙන අතර, දෛනික වැටුප් මත යැපෙන අය දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි එහි දී සඳහන් කර තිබෙන්නේ.

මේ අතර අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත් ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව ද වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත් ව ණයවර ලිපි විවෘත කර තිබී පසු ව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවට, මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
20
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
50
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
11
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
37
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
119
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
62
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා (වීඩියෝ)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ...

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය 30වන උපන්දිනය සමරපු හැටි

රමිත් රඹුක්වැල්ල ‌කියලා කියන්නේ වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයායි. ඔහු මේ රටේ ආන්දෝලනාත්මක පුවත්...

කොරෝනාවට බිලි වූ දින පහේ බිළිඳා

බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින පහක් වයසැති බිළිඳෙකු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්...

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

රැකියා වල නියුක්ත වීම සඳහා විදෙස් ගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති...

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x