28 C
Colombo
Thursday, June 17, 2021
logo

රට විවෘත කිරීම ගැන ඉඟියක්

පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි. 
නිකවැරටියෙන් 80ක්, මහනුවරින් 75ක් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී සිදු කෙරුණු වාහන පරීක්ෂාවන්වලදී වාහන 139ක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීමේදී ආපසු හරවා යවා තිබේ.

ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා කොළඹ නගරයට ඇතුළු වූ වාහන සංඛ්‍යාව 59,280කි.

ඊයේ දිනයේත් වැඩිපුරම කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාහන සංඛ්‍යාව 16,282කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
10
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
27
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
13
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
15
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
23
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
15
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජීවිත 1600ක් අන්තිම ගමනට යැවූ, ජලාශයකට පෙරළුණු ලොරි රථය මෙන්න

මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන්...

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ‘මිල වැඩි වීමට නියමිත’ ආහාර වර්ග

ආනයනික ආහාර වන පරිප්පු, කිරිපිටි, සීනි ආදි ද්‍රව්‍යවල ද මිල තව දුරටත් ඉහළ යෑමට...

තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට "බීර" පානය කිරීමට දුන් තරුණයා...

ගිනිගත් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන...

ඉන්දියාව අසරණ කළ කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් යළිත් හමුවෙයි

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ අයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x