රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ?

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් අගුලු දමාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇති බවයි.

මේ අතර මේ වනවිටත් සෑම දිනක ම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පැය 6ක නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මක වනවා.

මේ අතර කොරෝනා වෛසරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දැමිය යුතු බවට යි මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ද ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ.

මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මදස්සි නාහිමියන් නිවේදනයක් නිකුත් කරමිනු යි මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ දී නිරෝධායන ඇදිරි නීතිය පනවා ජනතාවට සහන සලසමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ගිය විධිමත් වැඩපිළිවෙළට ප්‍රංශසා කරන බව ද මහනාහිමියන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රට වාසීන් ම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටිනවා.

ආසාදිත සංඛ්‍යාව මෙන් ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සදහන් කළේ.

මේ අතර අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විශේෂ ලිපියක් යොමුකරමින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන කරුණු 07කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එම පක්ෂ යොමු කර තිබෙනවා.අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න හා යුතුකම ජාතික සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග යන අය විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
76
11.svg?v=2.6
අවුල් වගේ !
9
22.svg?v=2.6
හරි හිනා !
11
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
14
27.svg?v=2.6
මලපනිනව !
14
30.svg?v=2.6
කුජීතයි !
19
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

T20 ලෝක කුසලාන තේමා ගීතය එළි දක්වයි

විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී...

යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර...

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

පළාත් සංචරණ සීමා ගැන තවත් තීරණයක් ගනී

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක...

ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x