රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් පසුව ඇසිඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් මහත් ආන්දෝලනයකට කේන්ද්‍ර වූ හිටපු සහකාර විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහනුවර මධ්‍යම පළාත් විගණන අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියදී මීට දස වසරකට පමණ පෙර මෙම මූල්‍ය වංචාව අනාවරණය කිරීමෙන් පසුව මහනුවර අස්ගිරිය ප්‍රදේශයේදී ලලිත් අඹන්වල මහතා ඇසිඞ් ප්‍රහාරයකට ලක්වූ බව වාර්තා වුවා.

අවංක කෘතහස්ථ සහකාර විගණන අධිකාරිවරයකු වූ ලලිත් අඹන්වල මහතා වලල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ වේදී විශේෂ උපාධිධාරියෙක් වසර 34 ක් පමණ කාලයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ඒ මහතා දෙදරු පියෙක්ද වනවා . ඔහුගේ බිරිඳ රාජ්‍ය සේවිකාවක්.

ලලිත් අඹන්වල මහතාගේ දේහය ගුන්නෑපාන, නාපාන, බෝගස්කුඹුර නිවසේ තැන්පත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රත්නපුරේ මැණික් පොකුරට මොකද වුණේ? මැණික් කෑලි අතින් අතට ගියාද? අධිකාරිය සද්ද නෑ..

රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික්...

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

විවිධ සංවිධානාත්මක පාර්ශව විසින් ඔවුන්ගේ ගිණුම් වලට , විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ /...

කොවිඩ් මරණවල ඉහළ යෑමක්! සෞඛ්‍ය ලොක්කන් කනස්සල්ලෙන්

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත්...

මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවට ලක්ෂ 25ක්

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x