රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

මාතලේ – රත්තොට – රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර දැනට තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැවසෙන පුද්ගලයාගේ ද යන්න පිළිබද විමර්ශන ආරම්භවී තිබෙනවා. ඒ, රත්තොට, අනුරාධපුර සහ තලංගම පොලීසි මගින්. එමෙන්ම, එම පුද්ගලයාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ. පසුගිය 21 වන දා රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබියදී පිළිස්සුණ මළ සිරුරක් සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට පැවසෙන 46 හැවිරිදි පුද්ගලයාට අයත් මෝටර් රථය අනුරාධපුර බස් නැවතුම්පොළ අසළ තිබී පොලීසිය සොයා ගත්තේ පසුගිය 23 වන දායි. එමෙන්ම, අතුරුදන් වී ඇති බවට පැවසෙන එම පුද්ගලයා පදිංචිව සිටි තලංගම – තලාහේන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනුණා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
1
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන...

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ...

කොවිඩ් මරණ 22ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට(08) දිනයේ තහවුරු වු බව...

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික...

හදිසියේ රෝගී වී මියගිය පළතුරු වෙළෙන්දාට කොවිඩ්

පිළියන්දල, මිරිස්වත්ත බෙල්ලන්ගහවත්ත ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙකු (05) අලුයම ඇති වූ හදිසි රෝගී...

තත්වය භයානකයි.. වහාම ලොක්ඩවුන් කරන්න – සියලු වෛද්‍ය සංගම් ජනපතිගෙන් ඉල්ලයි

මෙරට පවතින කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x