රථවාහනවලට අපල රිලාවල – අලුත්ම CCTV දර්ශන පෙළ එළියට

කහතුඩුව, රිලාවල මංසන්ධිය පිළිබඳව පසුගියදිනවල බොහෝ කතාබහට ලක් වුනේ එහි සිදුවන බහුල රිය අනතුරු හේතුවෙන්. නමුත් බලධාරීන් විසින් තාවකාලික පියවරක් ලෙස එම මංසන්ධියේ හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකි වන ලෙස මාර්ග බාධකයක් යොදා තිබුනා.

නමුත් කෙටි කලකට පසුව එම බාධකය තිබුනද එම ස්ථානයෙන් මාර්ගය හරහා ගමන්කිරීමට හැකි අයුරින් සකස් වී තිබෙනවා. එවැනි පසුබිමක එම ස්ථානයේ සිදුවූ තවත් රිය අනතුරක් පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිව තිබෙනවා. එහිදී සිදුවන්නේ හොරණ දෙසට ධාවනය වන යතුරුපැදියක් ට්‍රක් රථයක ගැටීමෙන්. දිනෙන් දින අනතුරු බහුල වන මෙම රිලාවල මංසන්ධිය පිළිබඳව කඩිනමින් බලධාරීන්ගේ නෙත් යොමුවිය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රිලාවල මංසන්ධියේ සිදුවූ එම යතුරුපැදි අනතුර CCTV කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්