රථවාහනවල දෝෂ සොයන්න අද සිට පොලිස් මෙහෙයුම්

ගෙවුණු පැය 24ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. මීට අමතරව දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් තුවාල ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම අනතුරුවලට බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී රිය ධාවනය සහ වාහනවල පවතින දෝෂ ප්‍රධාන හේතුවන බවයි. මේ අතර රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දිනයේ සිට දින 03ක කාලයක් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්