27 C
Colombo
Thursday, April 22, 2021

රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය සම්බන්ද නියෝගය ලබන 19 වනදා තෙක් කල් යයි

සිර දඩුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහිමි කිරීම සඳහා කිසිඳු පියවරක් නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය දී ඇති නියෝගය ලබන 19 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා ගොණුකර ඇති රිට් පෙත්සම අද යළි කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර මහතා සහ මායාදුන්නේ කොරයා මහතාගෙන් යුත් විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කලා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ රන්ජන් රාමනායක මහතා කර ඇති ඉල්ලීම කිසිඳු නීත්‍යානුකූල පදනමක් නොමැති ඉල්ලීමක් බවයි.

ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවය අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කලේ මන්ත්‍රීවරයාගේ සිර දඩුවම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන බැවින් එය අපරාධමය වරදක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එජාපයේ ඒකමතික තීන්දුවකින් රනිල් පාර්ලිමේන්තු එන්න සැරසේ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි...

ජනපති ඉන්නේ තට්ටු 2ක සාමාන්‍ය ගෙයක

ජනාධිපතිතුමන් අද ඉන්නේ සාමාන්‍ය තට්ටු දෙකේ නිවසක බවත්, එතුමා බිලියන 1.7ක් සිය වැය ශීර්ෂයෙන්...

අද ආණ්ඩුවට තීරණාත්මකයි – පක්ෂ නායක හමුව ගැන අගමැතිගෙන් අනාවැකියක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක්...

පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා එහි කටයුතු විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x