26.9 C
Colombo
Tuesday, September 28, 2021

රන්ජන්ට නිදහස? ඉල්ලීම ජනපතිගේ ‘වේටින් ලිස්ට්’ එකේ

උසාවියට අපහාස කිරීම සම්බන්ධව වැරදිකරු වී සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා ලිඛිත ඉල්ලීමක් (ජනාධිපති කාර්යාලය වෙත) යවා ඇත.

එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, ඒ පිළිබඳව තවම කිසිදු ප‍්‍රතිචාරයක් ලබාදීමට කාලයක් නොලැබුණු බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. එම ඉල්ලීම පිළිබඳව වැඩිදුරටත් කටයුතු කරන්නේ කෙසේදැයි විමසූ විට, දිනයක් දෙකක් වැනි කෙටි කලක් මෙම ඉල්ලීම සිදු කර ගතවී ඇති හෙයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිවක් කිව නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මනෝජ් අබයදීර

————————-

සමාව දෙන්න ජනපතිට පුළුවන්… ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34-1 (අ) යටතේ නීතීන්ට අනුකූලව කොන්දේසි සහිතව හෝ නොමැතිව සිරකරුවකුට සමාව දීමේ බලයක් ජනාධිපතිවරයාට ඇති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.

මීට පෙර ද එවැනි නෛතික බලය ඔස්සේ ජනාධිපති සමාව දීම් සිදුව ඇති බව සුමන්තිරන් මහතා කීවේය. ඔහු රාමනායක මහතා වෙනුවෙන් එදා අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි නීතිවේදියෙකි.

ඒ. ජේ. අබේනායක

————————

අධිකරණයෙන් සමාව ඉල්ලිය යුතුයි.. ලොහාන් කියයි

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලබන්නේ ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලූ පසුව යැයි බන්ධනාගාර පුනරුත්ථාපන කළමනාකරණ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ හැර ඉන් අනතුරුව ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ පවුලේ උදවිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුව ඇතැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
4
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අපට ඕනේ මොඩර්නා – සරසවි සිසුන් එන්නත්කරණ මධ්‍යස්ථානය දෙවනත් කරයි

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා එන්නත ලබාගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද...

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සී.අයි.ඩී.යට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...

9/11 ප්‍රහාරයෙන් මියගිය පිරිස් අනුස්මරණට ජනපතිත් එක්වෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක්...

ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා...

ජනපති අමෙරිකාවේදී දෙවන කතාවත් කරයි

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x