25 C
Colombo
Sunday, April 11, 2021

රන්ජන්ට හිර ගෙදර තනි වන්න සිදුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ මහතාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි කුටියක රැඳවීමට පියවර ගෙන තිබෙනවා.රංජන් රාමනායක මහතා සමග ජුලම්පිටියේ අමරේ, කළු තුෂාර වැනි නමගිය පුද්ගලයන් සමග රදවා තිබු බවයි පසුගිය කාලයේ වාර්තා පළ වුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා එල්ල කරනවා. මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති. ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරමින් කියා සිටියේ රංජන් මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වී නිදහස ලබා ගැනීමට කිසිදු සූදානම් නැති බව ද පැවසූ ඔහු මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිළි සේදීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවද සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඇමති චමල් සහ මන්ත්‍රී ෆොන්සේකා පාර්ලිමේන්තුවේ පැටලෙයි (VIDEO)

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ විවාදයකදී සමගී ජනබල වේගය...

මගේ පවුලෙන් දේශපාලනයට එන පලමුවෙනියා සහ අන්තිමයා මම – ඇමැති බන්දුලගෙන් හෙළිදරව්වක්

සිය නිවසේදී තම දරුවෝ මේ ජරාජීර්ණ දේශපාලනය ගැන කතා නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා...

පාස්කු ප්‍රහාරය අදටත් මතක් වෙනවා – විපක්ෂ නායක (වීඩියෝ)

තමන් නියෝජනය කළ ආණ්ඩුවක් තුලදී පාස්කු ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව විපක්ෂ...

රංජන්ගේ මන්ත්‍රී ධූරය අජිත් මාන්නප්පෙරුමට

බන්ධනාගාරගතව සිටින රන්ජන් රමනයකගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසන්...

චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ..

වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x