රන්ජන් අධිකරණයෙන් ඉල්ලු දේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා  ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර රන්ජන් රාමනායක මහතා මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය...

මන්ත්‍රී ඩිලාන් පාළම මත ඇද වැටෙයි

ප්‍රතිසංස්කරණය නොකළ පාළමක් නිරීක්ෂණය කිරීමට ගිය මන්ත්‍රී ඩිලාන් පෙරේරා එම පාළම මතදී ඇද වැටී තිබෙනවා.එය...

ඔන්ලයින් නිසා සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් අත්හැරීමේ ප්‍රවණතාවක්

ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට...

භූ කම්පනයකින් තිදෙනෙකු මරුට

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනේ අද උදෑසන ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x