රන්ජන් හිරගෙදරදී අලුත් වැඩකට අත තියයි

වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා පොතක් ලිවීම සඳහා සූදානම් වෙමින් සිටී.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටින රාමනායක මහතා පොතට අවශ්‍ය තොරතුරු කුඩා කොළ කැබලි වල සටහන් කිරීම ඔහුගේ දෛනික කටයුතුවල එක් කටයුත්තක් වේ.

ඒ හැරුණු කොට දිනපතා සිදුවන දේවල් පිළිබඳ සටහන් තැබීමද රාමනායක මහතා අතින් සිදු වන බවද දැනගන්නට තිබේ.

තමා ලියන පොතට යොදන නම පිළිබඳව හෙළිදරව්වක් මේ වන තුරුත් රාමනායක මහතා විසින් කොට නොමැත.

චිත්‍රපට නළුවෙකු , ගායකයකුද වන රාමනායක මහතා සිය පොත එළි දැක්වුවහොත් කතුවරයෙකු ලෙසද සිය නම සනිටුවන් කරනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද මේ වන විට අහෝසි වී තිබේ.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාගෙන්ද මේ වන විට ඉල්ලීමක්ද කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
7
කුජීතයි !
2
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සොරණාතොට අභිරහස් ලෙස මිය කාන්තා මළසිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස්...

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති...

පොලිස් වෙඩි තැබීමකින් ඌරු ජුවා මරුට

“ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.එම වෙඩි තැබීම...

කොළඹ අනතුරුදායකයි – ඊයේ රට පුරා රෝගීන්ගේ වාර්තාව මෙන්න

ඊයේ (16) කොවිඩ්-19 ආසාදිතයින් 2,275ක් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී...

එක්නැලිගොඩගේ බිරිඳ මිලියන 100ක් වන්දි ඉල්ලා උසාවි යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තමන්ගේ මූලික අයිතිවාසිකම්...

මරණ දෙගුණ වෙයි… ඉදිරි සති 04 වඩාත් අනතුරුදායකයි.

නව කොරෝනා වෛරසය නිසා ඇතිවන රෝගී තත්ත්වයේ තෙවැනි වටය ප‍්‍රහාරයෙන් තදින්ම බැට කන රටක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x