25 C
Colombo
Sunday, April 11, 2021

රන්ජන් හිරගෙදර ඇතුළෙ කෑම වර්ජනයක

වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමකට යටත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය දිනෙක අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඇතුළත ආහාර වර්ජනයක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ. ඒ, තමන්ට වැසිකිළි යාම සදහා පහසු පුටුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ කලක පටන් අපහසුතාවක් පැවතීම හේතුවෙන් සමාන්‍ය වැසිකිලියක සිය කර්තව්‍යයන් සිදුකර ගැනීම අපහසු වීම මත ඒ මහතා තමන්ට වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත. නමුත් බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග රන්ජන් රාමනායක මහතා ආහාර ගැනීමෙන් වැළකී සිට ඇති බව දැනගන්නට තිබේ. කෙසේවෙතත් රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාරය ලබා නොගැනීමට ඒ මහතා කටයුතු කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ. නමුත් පසුව එම වැසිකිළි පුටුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාට ලබා දීම ප්‍රතිකේෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති...

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර,  තිහගොඩ, බණ්ඩත්තර ප්‍රදේශයේදී පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජීප් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට...

කොවිඩ් තුන්වන රැල්ලක් අත ලග – ජනතාවට කොවිඩ් නීති ගානක් නෑ

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලුත් අවුරුදු සමයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු අලුත් අවුරුදු...

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x