25 C
Colombo
Friday, May 14, 2021

රන්මාලයක් ගෙල බඳින කතුන්ට දැනුම්දීමක්

පසුගිය පැය 24ක කාලය තුළ ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් 4ක් වාර්තා වී තිබෙනවා.
යක්කල, කල්මුණේ, වලස්මුල්ල, වැල්ලව යන ප්‍රදේශ වලින් එම සිදුවීම් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. මෙම සිදුවීම් හතරටම මුහුණ දී ඇත්තේ කාන්තාවන්.
යතුරු පැදි වලින් පැමිණ යම් තොරතුරක් විමසන මුවාවෙන් රන්මාල කඩා ගැනීම සහ යතුරු පැදිය නවතා ගෙන සිට ඒ අසළින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳී රන්මාල කඩාගැනීම සිදු වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හුදකලා මාර්ගවල සහ ආලෝකය අඩු මාර්ග වල ගමන් කරන කාන්තාවන් මේ සඳහා මුහුණ දෙන බවත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා. නැවතත් රන් මාල කඩා ගැනීමේ ප්‍රවණතාවක් මතුවෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළා.
සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්කුඩු සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් මෙලෙස රන්මාල කඩා ගන්න බවයි වාර්තා වන්නේ. පසු ගිය සති දෙකක කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවලින් ගෙල බැඳි රන් මාල කඩාගත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
12
මාර දුකයි !
22
කුජීතයි !
3
මලපනිනව !
7
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක් (CCTV දර්ශන)

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.අදාළ සිදුවීම...

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක්...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

ඇමරිකාව ලංකාවට කොරෝනා සම්බන්ධව අනතුරු අඟවයි

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ...

නිවසේදී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන හැටි වෛද්‍යවරුන් කියයි

කොවිඩ්-19 රෝගීන් යළිත් වරක් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔබට යම් හෙයකින්...

හෙදියන් 243 කට කොරෝනා – කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x