28 C
Colombo
Monday, September 27, 2021

රනිල් ආණ්ඩුවට කඩේ යන හැටි ෆොන්සේකා රනිල්ගේ මූණටම කියයි

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කථාව අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරා.

සමගි ජන බලවේගය සභාපතිවරයාද වන ෆොන්සේකා මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සදාකාලිකවම කටයුතු කළ ආකාරයට ඇතුලේ ඉන්න අයගෙම කකුලෙන් ඇදීම මේ විශ්වාසභංගයේදීත් කළ බවයි.

අඟේ ඉදන් කන කන මිනිහෙක්

වික්‍රමසිංහ මහතා ඔළුව අත ගා ටොක්ක අනින , අඟේ ඉදන් කන කන පුද්ගලයෙකු බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ඇමතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බවට සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නා.

ඒ හරහා ආණ්ඩුව දුර්වල කළ හැකි බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදුන් බව පෙන්වා ෆොන්සේකා මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ නම් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන් කරමින්.

ආණ්ඩුවට කඩේ යනවා

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට කඩේ යන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා එසේ කඩේ යාමද දැන් ආණ්ඩුව අනුමත නොකරන බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවයි සඳහන් කළේ.

එනිසා සමගි ජන බලවේගය වැඩවලට අත දාන්නේ නැතුව ඕනනං ආණ්ඩුවට එරෙහිව තනියෙන් විශ්වාසභංගයක් ගෙන එන ලෙස වික්‍රමසිංහ මහතා අමතා ෆොන්සේකා මහතා සඳහන් කළා.

වේලාව දුන්නෙත් ආණ්ඩුව පස්ස දොරෙන්

වික්‍රමසිංහ මහතාට කතා කිරීමට වේලාව ලබා දුන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බවද හෙළි කළ ෆොන්සේකා මහතා වික්‍රමසිංහ මහතා කතානායකවරයාට කතා කොට පස්ස දොරෙන් කතා කිරීමට වේලාව ගත් බවටද චෝදනාවක්ද කළා.

සරත් ෆොන්සේකා මහතාගේ මෙම සියලූ වාග් ප්‍රහාර වික්‍රමසිංහ මහතා බාධා කිරීමකින් තොරව නිහඬවම අසා සිටීමද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
6
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ප්‍රභල භූ කම්පනයක්..

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ 'ජියෝසයන්ස්' නමැති භූ ගර්භය...

මත්පැන් අලෙවිය නතර කරන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බැසිල්ගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු...

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට ඊයේ පැවති කැබිනට්...

ජනප්‍රිය රංගන ශිල්පී ලෝචනා කියන සංවේදී කතාව

ලෝචනා ඉමාෂි කියන්නේ අපි කවුරුත් අදාරය කරන රංගන ශිල්පිනියක්. ඇය කටකාර, දඟකාර සුන්දර යුවතියක් කිවුවොත්...

අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට් ගැන මාලිංගගෙන් සටහනක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට්...
3
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x