ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද දැයෙන් සමුගත්තා. ඒ, දශක ගණනාවක් පුරා සිය රංගනයෙන් සිනහව කැන්ඳු ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ නෙත් අග කඳුලක් ඉතිරි කරමින්. අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයි.
මොරටුව විල්ලෝරාවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය මෙතෝදිස්ත දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවේ අවමංගල්‍ය සභා කටයුතුවලින් අනතුරුවයි. එහිදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ශෝක ප්‍රකාශ ද ඉදිරිපත් කෙරුණා. පක්ෂ – විපක්ෂ දේශපාලඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සඳුදායි. මියයන විට 68 වන වියේ පසුවූ ඒ මහතා සිනමාපට 150 කට පමණ සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.