ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඊයේ පසුගියදා අත්අඩංගුවට පත් වූයේ, හත්රාස්හිදී සමූහ දූෂණයකට ලක්වූ දැරියකගේ පවුලේ සාමාජිකයින් හමුවීම සඳහා යමින් සිටි අතරතුරදීය. එහිදී, රාහුල් ගාන්ධි සහ ප්රියංකා ගාන්ධි සමගින් ඉන්දීය කොංග්රස් පක්ෂයේ ආධාරකරුවන් 200 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුනා.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගෞතම් බුද්ධ නගර්හිදීය. ඒ, ඉන්දීය අපරාධ නීතිය සහ වසංගත රෝග පනත ප්රකාරවය.