රැකියා අහිමි වී මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ට මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර ඇති බවයි.

මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මීට පෙර පැවසුවා.

එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...

සංචරණ සීමා, මංගල උත්සව ඇතුළු ක්‍රියකාරකම් කිහිපයක් ගැන නවතම තීරණයක්

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක්...

බිරිඳට පහර දුන් සැමියා පොලිතින් කවරේ දාගෙන ආපු දේ

යුධ හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්. වර්ගයේ ජීව...

සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි...

නිරන්තරයෙන් බුකියේ කතාබහට ලක්වන, ඕෂධී හිමාෂාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආරක්ශණය දිනාගත්ත චරිතයක් ඕෂධී හිමාෂා කියන්නේ. කාලයෙන් කාලයට විවිධ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x