31 C
Colombo
Monday, May 17, 2021

රියදුරෙකු නොමැතිව ධාවනය වූ අධි තාක්ෂණික ටෙස්ලා මෝටර් රථයක් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමයි (VIDEO)

ටෙක්සාස්හි ටෙස්ලා මෝටර් රථයක නැගී යමින් සිටියදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුර සිදුව තිබුණේ හූස්ටන් නගරයට උතුරු දෙසින් වන අතර පසුගිය සෙනසුරාදා (17) දිනයේ දී මෙම අධි තාක්ෂණික ටෙස්ලා රථය ගසක හැපී ගිනිගෙන පුපුරා ගොස් තිබූ බවට පොලීසිය විසින් මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණි.

මෙම අනතුර ගැන පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔවුන්ගේ මුලික පරික්ෂණවලින් තහවුරු වී ඇත්තේ මෙම රථය රියදුරු නොමැතිව අධික වේගයෙන් ධාවනය වී ඇති බවයි. එමෙන්ම මෙම රථය රියදුරු නොමැතිව ධාවනය වූ බවට 100%ක්ම විශ්වාස කළ හැකි බවද පොලීසිය එහිදී තහවුරු කර තිබුණි.

මෙහිදී මෝටර් රථය තුළ සිට මිය ගිය පුද්ගලයින් දෙදෙනා සිට තිබුණේ එක් පුද්ගලයෙකු ඉදිරිපස මගී ආසනයෙත්, අනිත් පුද්ගලයා පිටුපස මගී ආසනයෙත් ලෙසයි.

මෙහිදී වැඩිදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක කරන පොලීස් පරික්ෂණ අංශ සඳහන් කර සිටියේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුන අසළ එයාර් බෑග් පද්ධතිය ක්‍රියාත්මක වූවාද යන්නත්, මෙම අධි තාක්ෂණික මෝටර් රථයේ ස්වයං නියමු පද්ධතිය ක්‍රියාත්මක වී තිබුණාද යන්නත් පිළිබඳව වැඩි අවධානයකින් පරික්ෂණ පවත්වන බවයි.

ටෙස්ලා සමාගම විසින් ඔවුන්ගේ මෝටර් රථ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ ඔවුන් විසින් මෝටර් රථ සඳහා ලබාදෙනු ලබන ස්වයං නියමු පද්ධතිය කිසිම අවස්ථාවක 100%ක් ස්වයං ලෙස ක්‍රියාත්මක නොවන බවත් එයට මිනිස් සහාය අවශ්‍ය බවත්ය.

නමුත් බොහෝ දෙනෙකු මෙම සිදුවීම ගැන පවසා තිබුණේ සමාජ මාධ්‍ය තුළ ටෙස්ලා මෝටර් රථ ස්වයං රියදුරු පද්ධතිය සහිතව තනිව ගමන් කරන ආකාරයත් රියදුරු වෙනත් අසුනක බලා සිටින ආකාරයත් දැක්වෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් ඇති බවයි.

එම අනතුරට පත් මෝටර් රථයේ වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
18
හරි හිනා !
18
හම්මෝ !
46
මාර දුකයි !
129
කුජීතයි !
24
මලපනිනව !
33
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කළු දීලිර රෝගය වැළඳුණු ආසාදිතයින් 2,000ක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ප්‍රාන්ත...

ලාංකිකයන් සිටින ‘ගොඩනැගිලිවලටත්’ රොකට් කෑලි

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්‍ෂිත ස්ථානවලටම...

ලෝකයේ පුරා මිලියන 400කගේ ජීවිත අනතුරේ – කොරෝනාවට වඩා වැඩි විනාශයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක නගර සැලැසුම් ක්ෂේත්‍රය තුළ පාරිසරික බලපෑම අනාවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන ලාභ නොලබන...

සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය...

නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු...

සම්පූර්ණ එන්නත ලබාගත්තා නම් මුහුණු ආවාරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ.

මාත්‍රා දෙකකින් යුත් කොරෝනා මර්දන එන්නත සම්පූර්ණයෙන්ම ලබා ගත් අයට මුහුණු ආවාරණ පැළඳීම නතර...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x