රිෂාඞ් බදියුදීන් සුපිරි හෝටලයක් තුළ නිරෝධායනයේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුණා. 

රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබුණා. විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත්  කෙරුණා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේ ශානී අබේසේකර අයී ඞී එච් රෝහලට මාරු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වැඩේ කරගන්න ඩයනා දෙන්නම් – රනිල්ට ආණ්ඩුව දුන් පණිවිඩය

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිටුපස තිබූ සිද්ධීන් මේ වන විට එළිදරව් වෙමිනුයි තිබෙන්නේ.එක්සත්...

මා ඇමතිකමෙන් නෙරපන්න හදන්නේ ඇයි..- ගම්මන්පිල අසයි.

තමන් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට උත්සහ දරන්නේ වසර හැත්තෑවක වෑයමකින් පසු ලංකාව තෙල් සහ...

ඇඳුම් නැතුව පාර්ලිමේන්තුවෙන් එළියට ආපු මන්ත්‍රීවරයා

ඊයේ (20) දිනයේ දී පැවැති බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ පරාජයෙන් අනතුරුව සමගි ජන බලවේග...

රනිල් ආණ්ඩුවට කඩේ යන හැටි ෆොන්සේකා රනිල්ගේ මූණටම කියයි

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කථාව අතරතුර...

උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x