26 C
Colombo
Monday, September 20, 2021

රුපියල් 5000 කොවිඩ් මර්දනයට ගන්න – ගුරු සංගම් කියයි

ගුරුවරුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත්කළ ඇමති අනු කමිටුවේ යෝජනා පවා නොතකා හරිමින් ආණ්ඩුව ලබාදීමට සූදානම් වන රුපියල් 5,000ක දීමනාව ප්‍රතික්ෂේප කරන අතර එය කොරෝනා මර්දන කටයුතු සඳහා යොදවන ලෙස ගුරු සහ විදුහල්පති සංගම් ආණ්ඩුවට දන්වා ඇත.

ඊයේ (30) කැබිනට් මණ්ඩලය විසින් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට කර තිබෙන යෝජනාව කිසිසේත් බාර නොගන්නා බව ඒකාබද්ධ ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් අද (31) ආණ්ඩුවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇමති අනු කමිටුව නිර්දේශ කර තිබෙන වැටුප් වර්ධක පවා ලබා නොදී එය අවස්ථා කිහිපයකදී වාරික වශයෙන් ඉහල දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස සිදුකරන කටයුතුවලට හසු නොවන බවද එම සංගම් අවධාරණය කර ඇත. ගුරුවරුන්ට හිමිවිය යුතු වර්ධක නියමිත ප්‍රමාණය වෙනුවට ඇමති අනු කමිටුව රුපියල් 3,750/- සිට 11,820/- දක්වා ලබාදිය යුතු බවත් විදුහල්පති ශ්‍රේණි සඳහා රුපියල් 6,895/- සිට 12,020/- දක්වා ලබා දියයුතු බවත් එම අනු කමිටුවෙන් නිර්දේශ කර ඇත.

ඇමති අනුකමිටුව දීර්ඝ වශයෙන් කරුණු සලකා බලා ඉදිරිපත් කර තිබෙන මෙම නිර්දේශ පවා ක්‍රියාත්මක නොකර වෙනත් කුමන්ත්‍රණකාරී සැලසුම් සකස්කිරීම්වලට තම සංගම් හසු නොවන බව ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති අවධාරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි. හේතුව මෙන්න !

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස්වී ඇත්තේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී...

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම ගත් තීරණය මෙන්න

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමා T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව විරාත්...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

ආරක්ෂක භටයින්ට අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට...

මේගොල්ලො ඇත්තටම ගුරුවරු ද කියලත් හිතන්න බෑ. සාකච්ඡා අතරතුර උණුසුම් තත්වයක්

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව වර්ජනයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x