රූ රැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණියගේ කතාව

සෑම කෙනෙකුටම වෙනස් ඉරණමක් ඇත. ඉරණම යහපත් ලෙස වෙනස් කිරීම කළ නොහැක්කක් නොවේ. රීටා ගෙවියෝලා නම් කාන්තාවක ගැන දැන් අග්නිදිග ආසියානු සමාජ මාධ්‍ය විශාල වශයෙන් කතාකරන්නට පටන්ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ පිලිපීනයේ රූ රැජිණ තරග ජයග්‍රාහිකාවක වී ඉදිරි විශ්ව රූ රැජිණ තරගය සඳහා එරට නියෝජනය කරමින් සහභාගීවන්නට අපේක්ෂාවෙන් සිටින ඇයගේ අතීතය ගැන සිදු කළ ඡායාරූපමය හෙළිදරව්වක් නිසාය.පිලිපීන ජාතික තරුණිය මීට වසර 5 කට පෙර 2016 දී  ඇගේ උපන් ගම වන ක්වසන් හි ලුක්බන් හි හිඟමනින් යදිමින් සිටියදී  ඡායාරූපයකට හසුව තිබෙන අතර නගරයේ පාහියස් උත්සවයට සහභාගී වූ ඡායාරූප ශිල්පියෙකු ඇයව ඡායාරූපයකට ලබාගෙන තිබිණි. රීටා සහ ඇගේ සහෝදරිය සිඟමන් ඉල්ලමින් සිටින මේ ඡායාරූපය  රීටාගේ ජයග්‍රහණයත් සමග සමාජ මාධය වෙත මුදාහරින්නට එකී ඡායාරූප ශිල්පියා කටයුතු කර තිබේ.
‘බඩ්ජාවෝ ගර්ල්’ නමින් රීටාගේ ඡායාරූපය රහසිගතව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබූ අතර හදිසියේම එය රැල්ලක් මතු කළේය.

දැන් ඔහු පිලිපීනයේ විශ්ව රූ රැජින 2021 ට සහභාගී වන ඇය සමග ඡායාරූපය එකට ප්‍රසිද්ධ කරමින් පවතී.


ඇය සත්‍ය ලෙසම එවන් ජීවිතයක් ගත කර තිබේ. ඒ බව ඇය සඟවන්නේ නැත. ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී ටෙලි කතාවකට ඇය මුලින් තෝරාගෙන තිබුණි. පසුව එරට රූපවාහිනී රියලිටි ටීවී වැඩසටහනකටද එක්වීමෙන් පසු ඇගේ පෙනුම නිසා තවත් ප්‍රකටවිය. ඇය රූ රැජිණ තරගයට ඉදිරිපත්වූයේ ඉන් අනතුරුවය.

රීටා මේ වනවිට පිලිපීනයේ අතිශය ප්‍රකට නිරූපිකාවක සහ වාණිජ දැන්වීම් තරුවකි. විශ්ව රූ රැජින රූ රැජිණ තරඟයට පිලිපීනය නියෝජනය කිරීමට ඇය පසුගියදා තේරී  පත්වූවාය.

පාරේ අයිනේ අපිරිසිදු පෙනුමක් ඇති හිඟන්නියක වී සිටියත්, රීටා ගැවියෝලාගේ ඉරණම දැන් වෙනස් වී වාසනාවන්තියක වී ඇත.

“ලෝකයේ පරිපූර්ණ අලංකාරයක් නොමැත, ඔබට අඩුපාඩු තිබුන්නට හැකිය. නමුත් අලංකාරයත් හැමදාම නොපවතිනු ඇත, විශ්වය ඉක්මනින්ම නැති වී යන දෙයකි” යනුවෙන් රීටා බදාදා සමාජ මාධ්‍ය වෙත දන්වා සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
55
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වාහන ආනයනකරුවන් විකල්ප ඉල්ලයි

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ...

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වන විට බිත්තරයක මිල රුපියල්...

අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු...

රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x