රෝහලේදී මෘත ශරීර මාරු වූ ‘පොඩි නෝනාගේ’ කතාව (VIDEO)

මරණයට පත් වූ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු මාරු වී ඥාතීන්ට භාර දුන් පුවතක් නිකවැරටිය රෝහලෙන් වාර්තා වුණා.

රෝහල්ගතව සිටියදී මරණයට පත් වූ නිකවැරටිය ප්‍රදේශයේ තිදරු මවකගේ සිරුර මියගිය වෙනත් කාන්තාවකගේ ඥාතීන් පිරිසකට භාරදී ඇති අතර, ඔවුන් එම සිරුර මහව ප්‍රදේශයේදී ඊයේ ආදාහනය කර තිබෙනවා.

නිකවැරටිය පරණගොල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. පොඩිනෝනා නමැති 67 හැවිරිදි තිදරු මව අසනීප තත්ත්වයක් උත්සන්නවීමෙන් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙහිදී සිදුව තිබුණේ නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මහව නිකවලයාය ප්‍රදේශයේ පදිංචි ජේ.පී. නෝනා නමැති 65 හැවිරිදි කාන්තාවගේ සිරුර වෙනුවට පොඩිනෝනාගේ සිරුර භාරදී තිබීමයි.
මේ අතර, මහවට රැගෙන ගිය නිකවැරටිය පොඩි නෝනාගේ දේහය ඊයේ දිනයේදී ආදාහනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද පස්වරුවේ නැවතත් නිකවැරටිය රෝහලට පැමිණි ඥාතීන් ජේ.පී. නෝනාගේ සැබෑ දේහය යළිත් අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහවට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
8
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදු ළූණු පොඩි කරපු තවත් ලොක්කෝ හතරක් කොටු

සුදු ළූණු ජාවාරමට සම්බන්ධ සතොස ආයතනයේ තවත් නිලධාරීන් සිව්දෙනෙකු CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන්...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ...

මත්පැන් සහ දුම්වැටි මිල ඉහලට

මත්පැන් සහ දුම්වැටි වල මිල ගණන් අද රාත්‍රියේදී හෝ ඉදිරි දින කිහිපයේදී ඉහල දැමීමට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x