රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇතැයි එම වාර්තාවන්හි සඳහන් ය.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස්ථාවල මැදිහත් වෙමින් සිටින්නේ එම බලාපොරොත්තුවෙන් බවත් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී රෝහල් අඩුපාඩු විමසා ඒවා ලබා දීමත් එහි මුල් පියවරක් යයි ද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හිටපු මහ ඇමැති සහ වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තමන් මහ ඇමැති ධුරයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඒ පිළිබඳ ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් පසුව බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
70
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
7
27.svg?v=2.6
මලපනිනව !
11
30.svg?v=2.6
කුජීතයි !
115
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති

භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ...

සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැසූ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්තම කතාව එළියට

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොවක් වසඟයට ගත්තූ...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) දින...

මැද කොළඹ කාන්තාවෝ මහපාරේ කිරිබත් කයි

බඩු මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දින මැද කොළඹ කාන්තාවන් උද්ඝෝෂණයක නිරත...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x