32 C
Colombo
Tuesday, April 20, 2021

ලංකාවේ ක්‍රිකට්වලට කරන්න යන දේ ගැන ඉඟියක්

තම වසර 3ක ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉහළටම රැගෙන යෑම සිය අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පවසනවා.

සිය ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කිසි සමාලෝචනයක් සිදු කළ යුතුයි.” යනුවෙන් ටොම් මූඩි සදහන් කළා.

“ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ජාත්‍යන්තරයේ මා ලබා සිටින විවිධ අත්දැකීම් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට යම් කාලයක් ගතවෙයි. නමුත් ක්‍රිකට් කමිටුවේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මම හොඳ සූදානමකින් සිටිනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා සදහන් කළේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ටොම් මූඩි පත් කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් කීර්තිමත් කාලයක් කරා පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට...

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට වසර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ඒ අන්තර්ජාතික ක්‍රිකට්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x