30 C
Colombo
Wednesday, September 22, 2021

ලංකාවේ කොවිඩ් මරණ 20%ක් සිදුවන විදිය වෛද්‍ය සංගමය අනාවරණය කරයි

කොවිඩ් සීග්‍ර ව්‍යාප්තිය සමග සෑම පැයකටම මෙරට කොවිඩ් මරණ නවයක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පැවසුවාය.

ඇය සඳහන් කළේ මේ වන විට කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති වයිරසයක් බවයි.

පසුගිය දින කිහිපයේ සිදු වූ කොවිඩ් මරණවලින් සියයට විස්සක් පමණ නිවෙස්වල දී සහ ආසාදිතයන් රෝහල් වෙත රැගෙන යන අවස්ථාවේ දී සිදුව ඇති බවද විශේෂඥවරිය අවධාරණය කළාය.

එසේම බොහෝ මරණ කොවිඩ් මර්දන එන්නත ලබානොගත් පුද්ගලයන්ගේ වන බවත් සෑම කෙනකුම කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතු බවත් ඇය කියා සිටී.

අගෝස්තු මස 20 වැනිදා කොවිඩ් මරණ 198ක්, අගෝස්තු 21 මරණ 183ක්, අගෝස්තු 22 මරණ 194ක් අගෝස්තු 23 මරණ 190,අගෝස්තු 24 මරණ 198ක් ,අගෝස්තු 25 මරණ 190 වශයෙන්ද වාර්තා විය. මෙම මරණවලට අනුව පැයට සිදු වූ මරණ ගණන අටකි.

පසුගිය 26 වැනිදා මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පළමු වරට දෙසීය සීමාව ඉක්මවන ලදී.

ඒ අනුව පසුගිය 26 වැනිදා කොවිඩ් මරණ 209ක්, 27 වැනිදා මරණ 214ක් සහ 28 වැනිදා කොවිඩ් මරණ 214ක් වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අගමැති යළි දිවයිනට

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

ශ්‍රි ලංකාව මේවනවිට හොදින් කරගෙන යනවා, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ජනගහනයෙන් 50% කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබාදීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය...

හෙට සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා

ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙට (22) සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ...

දත්ත මැකුවේ කවුද? රාජ්‍ය ඇමතිගෙන් තවත් හෙළිදරව්වක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත මකාදමා ඇත්තේ පසුගිය රජය සමයේ සිදුවූ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x