ලංකාවේ පළමු වරට පත්වූ නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වූ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය එම තනතුරට පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇයගේ පත්වීමට අභියෝග කරන මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් විසිනි. පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය උඩ ලබා දී ඇති ඇයගේ පත්වීම උසස් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි බවයි.

කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අදාළ රෙගුලාසිවලින් ප්‍රතිපාදන සලස්වා නැති බවත් කාන්තාවන් යන වචනය එහි සඳහන් වන්නේ නැති බවත් ඒ නිසා කාන්තාවකට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දැරිය නොහැකි බවත් පෙත්සමේ සඳහන් කර ඇත. පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට (අඟහරුවාදා) කැඳවීමට නියමිතය.

සරත් ධර්මසේන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අංගොඩ වෙඩි තැබීමක්.. පුද්ගලයෙක් මිය යයි

අද උදෑසන අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පහරදීමේ වීඩියෝව පත්තු වෙද්දී පොලිසියෙන් ලැබුණු විශේෂ සැලකිල්ල හඬ පට සහිතව මෙන්න

මහජනතාවට පිහිටට ඉන්න ආයතනයක් තමයි පොලිසිය.හැබැයි මහජනතාවට ආරක්ෂාවක් වගේම පිහිටක් මේ පොලිසිය මගින් වෙනවද..?උතුම්...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...

රජ සැප හැර දා සියල්ලන්ම පුදුම කරමින් තම පෙම්වතා විවාහ කර ගත් රජ කුමරිය

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා වන කී කමුරෝ සමග විවාහ වී...

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x