ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු වැළදුණු රිලවෙකු හමුවෙයි

ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු රෝගය වැලඳුණු වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී පසුගිය 08 වෙනිදා සොයාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටි රිළවකු ගම්වැසියකු විසින් ඇතිමලේ වනජීවි නිලධාරීන්ට භාරදී ඇති අතර තිබූ රෝග ලක්ෂණ මත වනජීවි නිලධාරීන් මොණරාගල ලාදුරු මර්දන ඒකකයට මේ බව දැනුම් දී ඇත.

පසුව රිළවා මියගොස් ඇති අතර කරන ලද එස්.එස්.එස්. (Slit Skin Smear) නමැති පරීක්ෂණයේදී මෙය ලාදුරු බවට තහවුරු වූ බව එම නිලධාරීන් සඳහන් කළේ.

සතාගේ සිරුරේ කොටස් ලාදුරු වැලඳුණු රෝගියකුගේ මෙන් කෑලිවලට ගැලවී යන බවත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස් කොළඹ ලාදුරු මර්දන ඒකකය වෙත යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

මේ සඳහා මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලාදුරු මර්දන ඒකකය, සියඹලාණ්ඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වනජීවි නිලධාරීන් සහභාගි වී ඇත. එම ප්‍රදේශයේ අනෙකුත් රිළවුන්ද මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද ඔවුහු සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පුතා ලියූ රචනාවෙන් මවගේ අනියම් පෙම තාත්තාට හසුවේ

පුතු ලියා තිබූ  රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි...

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක වාර්තාගත ජයක්

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක්...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

කොරෝනා වලටත් වඩා භයානක තත්වයක් ගාල්ලෙන්..

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x