26 C
Colombo
Friday, May 14, 2021

ලංකාවේ වැඩිම පිරිසක් නරඹපු ‘සකූගේ කතාවේ දෙවෙනි කොටස’ සිරසේ පෙන්වන හේතුව මෙන්න

සකූගේ කතාව කියලා කියන්නේ මීට ටික කාලෙකට කලින් ස්වර්නවාහිනී නාලිකාවේ විකාශය වූ අතිශය සාර්ථක ටෙලි නාට්‍යක්. ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කල සකූගේ කතාව එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසය වාර්ථාගත වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් ලැබූ දේශීය ටෙලිනාට්‍ය ලෙසද ඉතිහාසයට එක්වුණා. ඒ LMRB සමීක්ෂණ වාර්තාවන්ට අනුව 14 + වැඩි රේටින්ග් සංඛ්‍යාවක් ලබාගනිමින්. මීට අමතරව සකූගේ කතාව සමාජ ජාලවලද අඩුම කාලයක් තුළ වැඩිම නැරඹුම් ලැබු ටෙලිනාට්‍ය ලෙසද ඉතිහාසයට එක්වුණා.

පසුගිය කොවිඩ් 19 වසංගතයත් සමග සකූගේ කතාවේ දෙවෙනි කොටස රූපගත කිරීමේ කටයුතු තරමක් ප්‍රමාද වූ අතර මේ වන විට එහි රූගත කිරීම් ආරම්භ වී ඇති බව එහි රංගන දායකත්වය දක්වන ජනප්‍රිය කලාකරුවන්ගේ සමාජ ජාලා ගිනුම් වල සටහන් කර තිබුණා. සකූගෙ කතාව දෙවෙනි කොටස සකූගේ ලෝකය ලෙස විකාශය වන්නේ සිරස රූපවාහිනී නාලිකාවේයි.

වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ සහ වැඩිම ආදායම් ඉපැයූ සකූගේ කතාව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය නොකිරීම පිලිබද යම් සමාජ කතිකාවතක්ද ඇති වී ඇති අතර පසුගිය කාලසීමාව තුළ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සියළුම වැඩසටහන් අතිශය ජනප්‍රියවීම සහ ඉහළ ආදායම් ඉපැයීම ,සකූගේ කතාව එම නාලිකාවට ලබාදීමට හේතුව බවද සදහන්. එලඹෙන මැයි 3 දා සිට සතියේ දිනවල රාත්‍රී 8ට සකූගේ ලෝකය සිරස TV ඔස්සේ විකාශය වීමය නියමිතයි.

සටහන – ඉෂාර නානායක්කාරවසම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
29
අවුල් වගේ !
7
හරි හිනා !
8
හම්මෝ !
3
මාර දුකයි !
2
කුජීතයි !
3
මලපනිනව !
4
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනපති පුත් මනෝජ් පියෙක් වෙයි: පවුලට දියණියක් එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ...

ඉන්දියාවේ හිර වෙලා ඉන්න ලංකීය නිළි ශාශ්වි බාලා

ශාශ්වී බාලා වූ සුභාෂිණි සුබ්‍රමනියම්ගේ එකම අරමුණ බලාපොරොත්තුව වෙන්නේ සිය රංගන කුසලතාවන් ඔප්නංවමින් තමන්ගේ...

ජනප්‍රිය නිළි බුවනි උපන් දිනය සැමරූ හැටි

නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි බුවනි චාපා දියලගොඩ කියන්නේ. බුවනිගේ උපන්දිනය ඊයේ...

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය...

නාමල් රාජපක්ෂගේ ජිවිතයේ ශක්තිමත් කාන්තාවන් තිදෙනා

ඊයේ දිනට යෙදුන ලෝක අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමකට තම...

ඩෑන් ප්‍රියසාද් වස්තිට එරෙහිව පොලීසී යයි – වීඩියෝ

වස්ති YouTube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x