ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන අවසන් තීන්දුව අද

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ ක‍්‍රිකට් බලධාරීන් අතර ඊයේ තවත් සාකච්ජාවක් පැවැත්වුණා. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා. මෙම තරගාවලිය පැවැත්විය යුතු බවත් එය සිදු කළ යුත්තේ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව බවටයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමටද තරග සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.  ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ නිලධාරින් අතර අද පැවැත්වෙන සාකච්ජාවෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

කොවිඩ් ආසාදිත මව සහ පුතු IDH රෝහලෙන් පැන යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ දරුවා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.මෙම කාන්තාව සහ...

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

ඊයේ දිනයේදී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 435 දෙනාගෙන් 160 දෙනෙකු වාර්තා වී ඇත්තේ  කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා....

ප‍්‍රබල සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට

නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර්...

කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග අටළුගම හුදෙකලා කරයි

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ...

බස්නාහිර කොරෝනා අවධානම වැඩී

කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල ජනතාවද සෞඛ්‍ය...

අපගේ නවතම පුවත්

සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යැවූ තරුණයෙකු දඹුල්ල පොලිසිය අත්...

අන්තර්ජාලයෙන් මහ විරු සැමරුම ප‍්‍රවර්ධනය කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

අන්තර් ජාලය හරහා එල් ටී ටී ඊ මහවිරු සැමරුම් ප‍්‍රවර්ධනය කළ පුද්ගලයන් 4 දෙනෙකු එරාවූර් ප‍්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.එම ආසාදිත ක්‍රීඩකයින් 6දෙනාම නිරෝධායනය සදහා යොමු...

පාසල් ගුරුවරයෙක් කේරළ ගංජා සමඟ මාට්ටු

මන්නාරම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු කේරළ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අද (26) අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.අදාළ විද්‍යාලයට ඇතුළු වන දොරටුව ඉදිරියේදී...

‍කළුතර සහ බේරුවල PHIලා රාජකාරීවලින් ඉවතට

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය...
0
Would love your thoughts, please comment.x
()
x