29 C
Colombo
Monday, June 21, 2021
logo

ලාංකීය ප්‍රභේදය යටපත් වෙයි – ඊට වඩා භයානක ප්‍රභේදයක් රට පුරා

පසුගිය කාලයේ මෙරටින් වාර්තා වූ ශ්‍රී ලංකාවට ආවෙිණික කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ශ්‍රී ලාංකික ප්‍රභේදය යටපත්ව ඇති බවට පෙන්නුම් කරන නමුත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදය මේවන මෙරටින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

පසුගිය මාසයක කාලය තුළ ලද පර්යේෂණ දත්තවලට අනුව කොළඹින් පිටත දුරබැහැර ප්‍රදේශවලට ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය පැතිර ගොස් ඇති බව අනාවරණය වූ බව ද ආචාර්යවරයා ප්‍රකාශ කළා.

මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය, මහනුවර සහ රාගම ආදී ප්‍රදේශවලින් ද බ්‍රිතාන්‍ය ප්‍රභේදය වාර්තා වී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වෛරසයට වඩා 50%කින් පමණ වැඩි වේගයකින් පැතිරෙන බවත්, 55%කින් පමණ දරුණු බවින් සහ මාරාන්තික බවින් වැඩි බවත් ආචාර්ය ජීවන්දර අවධාරණය කළා.

කෙසේ වෙතත් මේවන විට මෙරට භාවිතවන කොවිඩ් මර්ධන එන්නත් වර්ග 03ම (ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් සහ සයිනොෆාම්) මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය හෙවත් ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු සඳහන් කළා.

එම නිසා ජනතාව තමන්ට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම එක් පුද්ගලයෙකුගේ ජෛව සාම්පල හරහා ඉන්දියානු ප්‍රභේදය ද හමු වූ බව පවසන ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම තැනැත්තා නිරෝදායනය වෙමින් සිටි පුද්ගලයෙකු බවයි.

එම නිසා ඉන්දියානු ප්‍රභේදයේ පැතිරීමක් මෙරට තුළ සිදුව නොමැති බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයිද.?

පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත්...

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව කටයුතු කළ ආකාරය ගැන මහජනයාට විශේෂ දැනුම් දීමක්

හෙට (21) උදෑසන 4ට අනුව සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය නිර්දේශ තවදුරටත් බලාත්මක...

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.මේවන විට මෙම නෞකාව ඉන්දියාවේ හල්දියා...

සිංහයාට කොරෝනා! දෙහිවල තවත් සතුන් හිටි හැටියේ මිය ගහින්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී...

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 15‌ දෙනෙකු වාර්තා වෙයි

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ තවත් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x