27 C
Colombo
Sunday, April 11, 2021

ලිංගික ශ්‍රමිකයන් රට යැවූ කත රිමාන්ඩ්

ලිංගික ශ්‍රමිකයන් ලෙස තරුණියන් ඕමානයට යැවූ’ මිනිස් ජාවාරම් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා අද (12) නියෝග කර තිබේ.

ඕමානයේ සිට පැමිණි ඇය විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දී අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකාරිය ‘ගිරිගොල්ල , ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්.එම්.කුසුමාවතී නොහොත් සඳමාලි නැමති 33 හැවිරිදි කාන්තාවක් ය.

මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය සැකකාරිය තරුණියන්ට රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස සුළුමුදලක් ලබාදී අලෙවිකර ඇති බව විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද නීතිඥයෙක් වන්දි ඉල්ලයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලකා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට සිදුවූ බරපතල මානසික...

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය...

කොරෝනා මරණ 596 දක්වා ඉහළට

මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් අද (10) වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x