25 C
Colombo
Friday, May 14, 2021

ලෙඩා පණපිටින් මැරූ මීගමු දොස්තරට ‘මාර’ දඬුවමක්

මියගොස් ඇති බව තීරණය කරමින් පුද්ගලයකු මෘත ශරීරාගාරයට යැවූ මීගමුව රෝහලේ වෛද්‍යවරයාට පුත්තලම මහ රෝහලට තාවකාලිකව ස්ථාන මාරුවක් දී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ලාල් පනාපිටිය පැවසීය.

ඒ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් ය.

සිද්ධියට අදාළව මීගමුව රෝහලෙන් කළ පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇත්තේ පසුගිය සතියේය.

එම වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීම අමාත්‍යාංශයේ කාර්යයක් බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා ලෝගනාදන් සඳහන් කළාය.

රුධිරයේ සීනි මට්ටම අඩු වීම නිසා සිහිසුන්ව සිටි රෝගියකු මෘත ශරීරාගාරයට යවා තිබුණේ ඉකුත් 9 වැනිදාය.

දුන්ගාල්පිටිය ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි එම රෝගියා ජීවිතක්ෂයට පත්ව නොමැති බව මෘතශරීරාගාරයේ දී දැක තිබුණේ ඔහුගේ බිරිඳය.

ඉන්පසු ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
3
හරි හිනා !
19
හම්මෝ !
11
මාර දුකයි !
15
කුජීතයි !
8
මලපනිනව !
9
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා මරණ 26ක් – සමස්ත මරණ සංඛ්‍යාව 827 දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 26ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 827ක් දක්වා...

කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන සිටින වීඩියෝව පරණ එකක්ලු..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.එම ආසාදිතයන්...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියා සහමුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින්...

මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි...

සංචරණ සීමා මැද ‘කසාද බඳින්නේ’ මෙහෙමයි

හෙට (14) දිනයේදී විවාහ නැකත් ඇති හෙයින් විවාහ ගිවිසගැනීම් බොහොමයක් පවතින බවත් එවැනි ගිවස...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x