ලේලියි පුතයි තමන්ට කළ නොමනා වැඩේ හෙළි කරන්න, කිලෝමීටර් 5ක් දුර ගෙවාගෙන ආපු තාත්තා කියූ සංවේදී කතාව

හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වද හිංසාවට ලක් කළ බව පවසන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. ද සිල්වා මහතා පැවසුවා.හල්දුම්මුල්ල ඌවතැන්න පදිංචි පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට සොයන බවත් අවස්ථා කිහිපයකදීම නිවස පරීක්ෂා කිරීමට පොලිසිය ගියද ඔවුන් නිවෙසේ නොසිටි නමුත් පසුව අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කළා.

ලේලිය ගුරුවරියක බවත්, බත් පතේ සම්බෝලයට කෙළ ගසා ආහාරයට දුන් බවත් පුතා සමඟ පහර දී නිවසින් එළවා දැමූ බවත් පවසමින් ඉකුත් දින හල්දුම්මුල්ල පොලිසියට පැමිණ හැත්තෑ හත් හැවිරිදි පියා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවා.

මෙසේ අසරණ වී පොලිසියට පැමිණ ඇත්තේ හල්දුම්මුල්ල ඌවතැන්නේ හැත්තෑ හත් හැවිරිදි දෙදරු පියෙකු බවයි සඳහන් වන්නේ.

ලේලිය පහර දී තම අත සපා කෑ බවද කාලයක් තිස්සේ නිවසේදී තමන් මෙසේ වද හිංසාවලට ලක්වූ බවද ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

කිලෝමීටර් 5ක් පමණ පා ගමනින්ම පොලිසියට පැමිණ හාමතේ සිටි පියාට පොලිසිය ආහාර ලබා දී සාත්තු සප්පායම් කර හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
33
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක්...

මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ...

දැරියක පුද්ගලයකු අතවර කරන බවට දැණුම් දුන්නේ ත්‍රිරෝද රථ රියදුරෙක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී...

ආරනූල් මැණික් පොකුරේ වටිනාකම ගැන අලුත් කතා

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර...

ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x