26.9 C
Colombo
Tuesday, September 28, 2021

ලොව කැළඹූ මාෆියාව ලංකාවට කළ දේ ගැන හෙළිදරව්වක්

ලෝකයේ ඖෂධ වෙළෙඳාම යනු මාෆියාවක් බවත්, එම මාෆියාව මෙරටද ක්‍රියාත්මක වී ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන සියලු දත්ත පරිගණකවලින් අතුරුදහන් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටිනවා.

වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ “මේ නිසා පැන නැගෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් මේ වෙද්දී වැදගත් වූ විශේෂයෙන් කොරෝනා රෝගය සඳහා  වැදගත් වූ ඖෂධ කිහිපයක් ලියාපදිංචියට යොමු කර තිබෙන අවස්ථාවකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ” යනුවෙනි.

ඊට අමතරව මෙරට තුළ ඇති බාල බෙහෙත් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ බෙහෙත් නිෂ්පාදන ආයතන පිළිබඳව තිබූ දත්තද ඖෂධ නියාමන අධිකාරියේ පරිගණකවලින් අතුරුදහන්ව ඇති බවටද වෛද්‍යවරයා චෝදනා කරයි. 

 “මේක නිකන් නොදැන කරපු අතුරුදහන් කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මේක යම් කිසි සැලැසුම් සහගත මේ ලෝකේ තියෙන හොඳම මාෆියා ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා මේක මේ වෙද්දී හරි නම් කරන්න ඕන ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ, සභාපතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ සහ ප්‍රධාන විධායක නිලධාරියා මේකට ඍජුව වගකියන්න ඕන.. ඔවුන්ගේ යටතේ හිටපු සේවකයන් අතින් වෙන්න ඉඩ තියෙනවා, නමුත් ඔවුන් දෙපළ වග කියන්න ඕන.. ඔවුන් මාසයකට මිලියනයකට අධික දීමනා ලබනවා.. ඔවුන් ගරු සේවයක් නෙමෙයි කරන්නේ..” යැයිද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් වැඩිදුරටත් චෝදනා කර සිටියා.

ඔහු වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පවසා සිටියේ එම නිලධාරීන් දෙදෙනාව මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතු බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ප්‍රශ්නය අහන අයට බැසිල්ගෙන් පිළිතුරු

අපි වවුල්ලුද කියන ප්‍රශ්නය අසන අයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා. කෙරවලපිටිය...

රැවුල් කැපීමත් තහනම් වෙයි

ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තලෙයිබාන් සංවිධානය තහනම් කර තිබෙනවා. එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට...

අපොස සාමාන්‍ය පෙළ ලියූ බන්ධනාගාර රැඳවියන්

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම...

රටම බය ගන්වමින් හමුවුණු පුපුරණ ද්‍රව්‍ය

නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික...

දැන් අපෙන් අහන්නේ ස්වාමීනි සැපද (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ තමන් වහන්සේගෙන් දැන් ජනතාව ‘දැන් සැපද හාමුදුරුවනේ’ කියා...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x