ලොව පළමු වරට ඩෙල්ටා විකෘති තුනම කොළඹින්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇත.

මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කර ඇති අතර ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගැණුනු බව චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

“ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා 3ම සහිත රෝගීන් හඳුනාගෙන තිබේ. කොළඹ නගරය තුළ මේ විකෘතිතා 3ම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා”.

A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණි.

A 222V විකෘතිය ලොව විවිධ රටවලින් හමුවී තිබෙන අතර එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්ය.

A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
20
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා...

නවරාත්‍රි සැමරූ අගමැති

ලොවපුරා හින්දු භක්තිකයින්ගේ ආගමික උත්සවයක් වන නවරාත්‍රි උත්සවය මේ දිනවල පැවැත්වෙනවා. පුරා දින 09ක කාලයක්...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු...

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x