ලෝකයේ ලොකුම පවුලේ පියා මිය යයි

ලෝකයේ විශාලතම පවුල යැයි විශ්වාස කරන චානා පවුලේ පියා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ජීවත් වූ බහු භාර්යා සේවයේ යෙදී සිටි ආගමික නිකායක ප්‍රධානියෙකු වූ සියෝනා චනා මිය ගොස් තිබුණේ පසුගිය 12 වැනිදායි.

මෙලෙස මිය ගිය සියෝනා චනා හට බිරිඳෑවරුන් 38ක් දරුවන් 89ක් සහ මුනුබුරු මිනිබිරියන් 36 ක් සිටිනවා.

සියෝනා චනා මිය ගිය බවට මිසෝරාම් ප්‍රාන්ත මහ අමාත්‍යවරයා විසින් ට්විටර් සටහනක් හරහා තහවුරු කර තිබුණා.

චනා දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. ඔහු මිය යන විට 76 වැනි වියේ පසු වූ බව සඳහන්.

වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ මිසෝරාම් තිබූ චනාගේ නිවසේ දී ඔහුට අසාධ්‍ය වී තිබුණු බවත්, පසුව ඔහුව රෝහල් ගත කළ පසුව මිය ගොස් තිබුණු බවයි.

චනාගේ මෙම ලොකු පවුල පිළිබඳව විවිධ මතයන් පවතින අතර ඔහු සැබෑවටම මෙම පවුලේ ප්‍රධානියා ලෙස සිටියාද යන්න පිළිබඳවත් කතාබහක් පවතී.

කෙසේ වෙතත් චනාගේ මෙම පවුල  මිසෝරාම් ප්‍රාන්තයට විශාල සංචාරක ආරක්ෂණයක් හිමි කර දීමට සමත්ව තිබුණු බව නම් සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
8
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දිමක්!

කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට...

කාලගුණ අනාවැකි

සබරගමුවසහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) දින...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

ගමක් බය කරමින්, තරුණයන් දෙදෙනෙකුගේ අත් කැපූ සිද්ධියේ සුළමුළ එළියට

බණ්ඩාරගම - වල්ගම - සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු අද තියුණු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x