වසර දෙකකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවාද ? අගමැති මහින්ද පිළිතුරු දෙයි


තවත් වසර දෙකකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. අගමැතිවරයා වසර දෙකකින් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බවට පළවූ මාධ්‍ය වාර්තාවන් ගැන අදහස් පළකරමින් එතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

” ජනතාව බලය ලබා දුන්නේ වසර 05ක කාලයක් සඳහායි. ඒ නිසා එම කාලය අවසන් වන තෙක් කටයුතු කරනවා. මාධ්‍ය වාර්තා කරන විදිහට වසර දෙකකින් ධුරයෙන් ඉවත්ව යාමට කිසිදු තීරණයක් ගෙන නැහැ” යැයි අගමැතිවරයා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කර සිටියා.

ඉකුත් අගෝස්තු 05 වෙනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ අගමැතිවරයා එහිදී මනාප 527,364ක් ලබා ගනිමින් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මනාප ලබා ගත් මන්ත්‍රීවරයා වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්