වස්කඩුවේ කර්මාන්තශාලාවක ගින්නක්

වස්කඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක අද (අප්‍රේල් 22) උදෑසන ගින්නක් හටගෙන තිබේ.ලී පදම් කරන කර්මාන්තශාලාවක පිටුපස කොටසේ අද අඋදෑසන 6.00ට පමණ ගින්න හටගෙන ඇති බව ‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමකදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.   කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගනිමින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව කළුතර උතුර පොලිසිය ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කර ඇත.

පැය 2 කට අධික කාලයක් තුළ ඇතිවූ ගින්නෙන් කර්මාන්තශාලාවේ ලී විශාල තොගයක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති බවත් අප වාර්තාකරු සඳහන් කළේ ය.

පොලිසිය සඳහන් කළේ, ගින්නෙන් කිසිවෙකුටත් හානිවී නොමැති බවය.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ලී පදම් කිරීමට යෙදූ ගිනි හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

සුමිත් රණවක – පොතුපිටිය maubima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

සහල් මිල තවත් ඉහළට

මහපරිමාණ සහල් මෝල් හිමියන් මිල ප්‍රකාශයට පත්කර මාසයක් ගතවීමටත් පෙර සහල් මිල ගණන් යළි...

භාජනයෙන් ගොස් විවාහ වූ යුවළ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට...

වැල්ලවායම කම්පා කරමින් විනෝද චාරිකාවක් පැමිණි පියා,පුතු සහ පුංචි දියණිය අවසන් ගමන් යයි..

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී...

Breaking News : අසාද් සාලිය තවත් වරදක් කරලා – කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x