29 C
Colombo
Friday, September 17, 2021

වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි හා සහල් සඳහා නව මිලක්

ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීනි හා සහල් සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බව යි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ පවසා සිටියේ.

මේ අනුව පැකට්වල අසුරන ලද සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 130.00ක් නිර්දේශ වී තිබෙනවා.

එසේම පැකට් නො කර විකුණන සීනි කිලෝවක් අලෙවි කළ යුතු බවට නිර්දේශ වී ඇත්තේ රුපියල් 125.00කට යි.

එමෙන්ම කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 136.00කටත්, සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 101.00කටත් අලෙවි කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් අලෙවි කිරීමට නිර්දේශ කර ඇත්තේ ද රුපියල් 101.00ක උපරිම මිලකට යි.

මෙම නව මිල පාලනය යටතේ රතු නාඩු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස නිර්දේශ කර ඇත්තේ රුපියල් 94.00ක්.

එමෙන්ම මෙම නව නිර්දේශ යටතේ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 91.00ක මුදලකට අලෙවි කළ යුතු වනවා.

මෙම මිල ගණන් අනුමැතිය සඳහා මේ වන විට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇතත් ඒ සඳහා වන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

දුරකථන ඇමතුමකින් ලැබුනු සුපිරි තෑග්ග

රුපියල් කෝටි දෙකහමාරක මුදලක් හා බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් ජයග්‍රහණය කර ඇතැයි පවසා රුපියල් ලක්ෂ...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පාසල්වලට අලුත් ගුරුවරු බඳවා ගන්න තීන්දුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක්...

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක්

සහල් පිළිබඳව මේ වනවිට පවතින  තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විශේෂ...

මරණ අඩුවෙයි – ඇදිරිනීතිය සම්බන්ද නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x