26 C
Colombo
Friday, May 14, 2021

ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන තරුණියක්ව සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ( 18 ) රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

දංකොටුව පොලීසියට බෝබ්ම ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පිරිසක් කොළඹ සිට පැමිනෙමින් සිටින බව පොලිස් හදිසි ඇමතුම් අංශයට 18 වැනිදා රාත්‍රීයේ දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම ලබා දුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශණ කටයුතු සිදු කර ඇති වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන පණිවිඩය ලබා දී ඇති දුරකතන ලියාපදිංචි කර තිබී ඇත්තේ නාවලපිටියේ පදිංචි අයෙකුගේ නමටයි.

නමුත් එම දුරකතනය පාවිච්චි කරණු ලබන්නේ සැකකාරිය විසින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී තහවුරු වී තිබෙනවා.

නාවලපිටියේ පදිංචි තම සහෝදරිය නිවසට පැමිණ සිටි බවත්,කව්රුන් විසින් මෙම ඇමතුම ලබා දුන්නාද යන්න තමන් නොදන්නා බවත් සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේවෙතත් දංකොටුව පොලීසිය සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
2
කුජීතයි !
3
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන්...

ලෝක මව්වරුන්ගේ දිනය දා, සිය දෙමාපියන්ව රෝහලේ තනිකර ගිය නරුම පුතෙකු ගැන ඇහෙන කතාව

උදාවන සෑම දිනයක්ම අම්මාගේ මහා කරුණාවට වෙන් වූ බව අදහන අප ලෝක මව්වරුන්ගේ දිනය...

නොසිතූ මොහොතක අකුණක් බිලිගත්, 26 හැවිරිදි අනුෂා ගමක්ම හඬවා නික්ම යයි

ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

කොවිඩ් මැද ඇහුණු, බුකියම අඬවපු තවත් එක කඳුළු කතාවක්…

මරණය කියන දේ අපිට කොයි මොහොතක, කොයිම තැනකදී වැළඳගන්නට සිදු වේවීද කියලා කවුරුත්ම කියන්න...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x