ව්‍යාපාරිකයාගේ මරණයට මාස කිහිපයකට පසු සැකපිට බිරිඳ සහ සේවකයෙක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ සේවකයෙකු ඊයේ (24) මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. 

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු පසුගිය ඔක්තෝබර් 3 වනදා මියගොස් තිබූ අතර ඊට පසු ආසන්න දිනයකදී ඔවුගේ අවසන් කටයුතු සිදුකර තිබුණි.

කෙසේවෙතත් අධිකරණ නියෝගයක් ලබාගෙන ව්‍යාපාරිකයාගේ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට මීගමුව පොලීසිය තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බන්දුලගේ රු.100ට වඩා අඩුවෙන් දෙන සහල් අද

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද(10) කොළඹ වරායට ළගාවීමට නියමිත ය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ...

සදහටම මෙලොව හැරගිය චතූ මුණසිංහ කියූ සංවේදී කතාව

හැමෝටම ජීවිතය කියාදුන් චතුරිකා මුණසිංහ අද ජීවිත ගමනට සමුදුන්නා.. ඇය ගැන හැමෝම කතා වෙද්දි, මීට...

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

අද සිට තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සෙරන්ඩිබ්...

තවත් රූප රාජිනියකට තම කිරුළ අහිමි වෙයි

කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගින් නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x