වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට පුරා

එකම වාහනයක්වත් නොමැති පොලිස් ස්ථාන 35ක් රට තුළ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් හඳුනාගෙන තිබේ.

එම පොලිස් ස්ථාන සියල්ලම පසුගිය යහපාලන රජය කාලයේ ස්ථාපිත වූ ඒවා බව ද අනාවරණය වෙයි. මෙම තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලසීමාවේදී සිය රාජකාරි කටයුතු නිසිලෙස කරගෙන යෑමට එම පොලිසිවලට දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබී ඇති බව ද දැනගැනීමට තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ පසුගිය යහපාලන රජය කාලයේ ඉවක් බවක් නොමැතිව පොලිස් ස්ථාන ආරම්භ කර ඇති බවත් ඉහත සඳහන් කළ ඒවා ද ඒ ආකාරයට ආරම්භ කළ පොලිස් ස්ථාන බවත් ය.

එම පොලිස් ස්ථාන කිසිදු තේරුමක් නොමැතිව ආරම්භ කළ ඒවා බවට කරුණු අනාවරණය වුවහොත් ඒවා ඉවත් කර එම පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.

කෙසේ වුව ද පොලිස් ස්ථාන රැසක මෙවැනි ගැටලු තිබෙන බව හඳුනාගෙන ඇති බවත් ඒවාට ඉතා කඩිනමින් විසඳුම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොරෝනා වලටත් වඩා භයානක තත්වයක් ගාල්ලෙන්..

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා...

ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන්...

මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ...

දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

හෙට සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර...

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x