වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි

විදේශ විනිමය මෙරටට ගලා ඒම සිදු වන ආකාරය සලකා බැලීමෙන් වාහන ආනයන තහනම පිළිබඳ සලකා බැලිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස කොරෝනා එන්නත් කරණයේ යෙදෙන නිසා ඉක්මනින් සංචාරක ව්‍යාපාරය නැවතත් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් අපනයනය මූලික වූ කර්මාන්ත ද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වනු ඇති බවත් තම විශ්වාසය බව ද පැවසූ ඔහු එමගින් නැවතත් රට විදේශීය විනිමය ගලා එනු ඇතැයිද කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
378
11.svg?v=2.6
අවුල් වගේ !
28
22.svg?v=2.6
හරි හිනා !
174
3.svg?v=2.6
හම්මෝ !
9
31.svg?v=2.6
මාර දුකයි !
29
27.svg?v=2.6
මලපනිනව !
42
30.svg?v=2.6
කුජීතයි !
88
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හොර සල්ලි බව පවසා රුපියල් ලක්ෂ 10කට විද්ද පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ...

තම ඇරයුම ප්‍රතික්ෂේප කළ නිසා සෙබළෙකු මැසෙන්ජර් හරහා පාසල් දැරියට කළ අපරාධය

16 හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර ෆේස්බුක් හරහා...

තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු අඟවයි

මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක්...

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

මහ රෑ මහ මඟදී යතුරුපැදිකරුවෙකුට අමානුෂික වූ පසුපැදිකරුවෙකු කළ දේ

යතුරුපැදිකරුවෙකුට තවත් යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x