වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් ඝාතනය කරයි

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබේ.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇළ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී අදාළ සැකකරු විසින් අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන ස්වාමීන් වහන්සේට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබේ.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේ...

බස් ගාස්තු සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් දැනුම් දීමක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

වත්මන් පාලනය ගැන ඇමති විමල් තැබූ ෆේස්බුක් සටහන

වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති...

රාජ් නිදහස් වූ දා බිරිඳ ශිල්පා ෂෙට්ටි තැබූ සටහන

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු...

ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි. ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x